ආගමික වේලාව
මෙකල ඇතැම් ගෙවල් වල බුදුන් වැඳීමට
ස්ථානයක්, කුඩා මන්දිරයක් ද හදාගෙන ඇත. එය ඉතා හොඳයි. ඇතැම් අය උදේ සවස
බුදුන් වදිනවා. මල්-පහන් ආහාර-පාන පූජා කරනවා. සුන්දර
ප්‍රතිපදාවෙකි.
එසේ ම හැම ගෙදරක ම ආගමික වේලාවක්
සම්මත කර ගත යුතු ය. මේ කටයුත්තට
දෙමාපියන් සිටිය යුතු බැවින් විශේෂයෙන් පියාණන්ට පහසු වේලාවක් වීම හොඳයි.
මේ කටයුත්තට ලොකු ළමයින් මෙන් ම කුඩා ළමයින් ද සහභාගී කරගත යුතු බැවින් රෑ
නොවිය යුතුය.
දෙමාපියන් ගේ ආදර්ශය දරුවනට ලැබිය
යුතුම හෙයින්
මවුපිය දෙදෙනා ම සහභාගී විය යුතුම යි. නො වැලැක්විය හැකි කටයුත්තක්
යෙදුණත් එක්කෙනෙකු හෝ සහභාගී විය යුතුය. යම් විදියෙකින් ගෙදරට අමුත්තකු
දෙදෙනකු පැමිණියොත් හදිස්සියක් නොවේ නම් ඒ අයත් ආගමික වේලාවට
සහභාගී
කරගත යුතුය. එසේ කිරීමෙන් යහපත් දෙකක් සිදු වෙනවා.
- එසේ සහභාගී වූ අය සිය
නිවෙස්හිත් ආගමික වේලාවක් ආරම්භ කිරීම
- නැවැත මේ වේලාවට නො පැමිණීම
නියමිත වේලාවට ගෙදර සියලු දෙනාම
බුදුන් වඳින තැනට හෝ සුදුසු තැනකට හෝ රැස් වී පහත සඳහන් කරුණු ටික
සම්පූර්‍ණ කළයුතු වේ.
- පන්සිල් සමාදන් වීම.
- බුදුන් වැඳීම, මල් පහන් පිදීම.
- කරණීයමෙත්ත සූත්‍රයවත්
එකර සජ්‍ඣායනා කිරීම.
- ළමයිනටත් ගැලපෙන පරිදි සුළු
වේලාවක් භාවනා කිරීම.
- බණ පොතකින් පිටු දෙකක් වත්
කාටත් ඇසෙන සේ කියවීම.
- දරුවන්ගේ කටයුතු සොයා බලා අවවාද
කිරීම.
- දෙවියනට පින් දීම (නම් ගම්
කියමින් දෙවියන් ඇදහීම බෞද්ධ ක්‍රමය නොවේ. ආකාසට්ඨාච... ගාථාවෙන්
පමණක් දෙවියන්ට පින් දෙන්න)
- දරුවන් දෙමාපියන්ට වැඳ කටයුතු
අවසන් කිරීම.
කුඩා දරුවන් සහභාගී වන
නිසා භාවනාව මෙසේ යොදාගැනීම මැනැවි.
"මම නිදුක් වෙම්වා, නීරෝගී වෙම්වා,
සුවපත්
වෙම්වා. මා මෙන්ම සියලු සත්වයෝ ද නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත්
වෙත්වා" යි කාටත් ඇසෙන සේ පස් වාරයක් හීන් හඬින් කියා එය ම නිහඬව පස්
වාරයක් සිතීම.
බණ පොතෙකින් දවසකට පිටු දෙකක්
කියවූ විට මාසයකට පිටු හැටක කරුණු ඉගෙන ගනී. අවුරුද්දකර පිටු 728ක කරුණු
ඉගෙන ගනී.
පුරාණ කාලයෙහි කටුයුතු බහුල රජවරු
ද මේ නයින්
බොහෝ බණ ඉගෙන ගත්තා. සැදැහැවත් ජනතාව ද එසේ ම ඉගෙන ගත්තා. සමහර
රජවරු
අභිධර්මයෙන් ද බණ කියා ඇත.
මඩිහේ පඤ්‍ඤාසීහ ස්ථවිර
|